Saturday, December 7, 2019

කැමරාවෙි සැගවුන මාරයා




මෙය රස කථාවක් නොව කදුලු කතාවකි. මෙය සමහරවිට ඹබ මීට පෙර නොඇසූ නථාවක් විය හැක. ඒ කෙසේ වෙතත් ඒ කථාව මම ඔබට ඉදිරිපත් කරමි. 
අපි බොහෝවිට සිදුවිය නොහැකි යැයි සිතන දේ සිදුවන්නේ අපවම  පුදුමයට පත්කරමිනි.
මෙි කතාවක් එවැන්නක් ගැන කියැවෙන කතාවකි. මේ කතාව අපේ රටෙි නොවූවත් අප අසල්වැසි රට ඉංදියාාවෙි මුමිබායි වල සිදුවූවකි. 
මෙි කතාව ලියන තැනැත්තාද එය පටන් පටගන්නේ සංවෙිදි වචන කිහිපයකිනි.
''මගේ ආදරණීය මිත්‍රවරැනි...කදුලින් පිරි දෑසින් යුතුව ඉතා වෙිදනාවෙන් මෙි කතාව ඔබට කියන්න සිදුවීම ගැන මට සමාවන්න'' 

ආදිත්තිය්‍ය සුරේෂ් ජෝශි  ඉජිනේරැ විද්‍යාව හදාරන 19 හැවිරිදි විශ්ව විද්‍යාලීය සිසුවෙකි. අධ්‍යයන කටයුතු අවසන් කර සිටිය ඔහු සිය මිතුරන් සහ ගුරැවරැන් සමග බඩිනේරා (Badnera) දුමිරිය ස්ථානයට ලගා වූයේ විනෝද චාරිකාවක් යාමට අමරාවතී (Amaravati) බලා යාමටය. දුමිරිය ස්ථානයට පැමිණි කණ්ඩායම එකි නෙකා පරයමින් ජායාරෑප ගැනීම පටන් ගැනින. මෙි සදහා ඔවුන්  Mobile Phone සහ Digital Camera උපයෝගී කර ගත්හ. මේ අතර එකෙකු තම කැමරාවට මුලු කණ්ඩායමෙි සමුහ ජාරෑපයක් ගතයුතු යැයි යෝජනාවක් කෙරින. එහෙත් දුමිරිය ස්ථානයේ එවැනි ජායාරෑපයක් ගැනීමට තරමි සුදුසු ඉඩ කඩක් එහි නොමැති විම ගැටලුවක් විය. මෙි ප්‍රශ්නයට විකල්පයක් සොයමින් සිටි කුමාර් ආදිත්ත්‍යයට   ඒ අසල නවතා තිබූ තෙල් ගෙනයන දුමිරිය දෙකක් කෙරෙහි අවධානය යොමු විය. ඔහු දෙවරක් නොසිතාම එක් දුමිරියක තෙල් ටැංකියකට ගොඩ වින. එහෙත් දුමිරිය තෙල් ටැංකි වලට ඉහලින් වොටිස් 40.000 අධි බලැති විදුලි රැහැන් ගමන් කරන බව කිසිවෙකුට හැගිමක් නොවීය.නොඑසේනමි ඒ ගැන ඔවුන්ට අවබෝධයක් නොතිබුනාද විය හැක? ඒ කෙසේ වෙතත්  ඔහු තම කණ්ඩායමෙි සමුහ ජායාරෑපය ගැනීමට ඔවුන්ගේ ඔල්වරසන් හඩ මැද සංඥා කරමින් කැමරාව ක්‍රියාත්මක කලේය. ගත වූයේ මොහතකි. කැමරාවෙන් නිකුත් වූ විදුලි ධාරව අධි බලැති වොටිස් 40000 විදුලි රැහැන් වල සංවෙිදී වී එය ආදිත්ය්‍යගේ  කැමරාව හරහා පැමිණ විදුලිය වැදිමෙන් ඔහු බිම ඇද වැටින. මුළු ශරිරයෙන්  හරි අඩක් පමණ ඒ යන විටත් පිළිස්සී තිබුනි. මේ සියල්ල සිදුවිමට ගතවී ඇත්තේ විනාඩියකටත් අඩු කාලයකි. කැමරාවක ක්ෂණික විදුලි ධාරාවක් අධි බලැති විදුලි රැහැන් සමග සංවෙිදී වීමෙි ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙන් මේ අවාසනාවන්ත ඉරණමට මෙි තරැණ සිසුවා ගොදුරැ විය.  
ඒ මොහොතේම ගුවන් ගිලන් යානයකින් ඔහුව අමරාවතියේ සිට මුමිබායි හි පිහිටි කේෂවානී (Keshavani) රෝහල වෙත ගෙන යන ලදී. එම රෝහල මුමිබායිහි පලමු පෙලේ රෝහලකි. එහෙත් එම රෝහලේ වෛද්‍යවරැ අදිත්ත්‍යෙගේ නෑදෑයින්ට සහ හිතවතුන්ට සැලකර සිටියේ ඔහු කෙරෙහි දැඩි බලාපොරොත්තු තබා නොගන්නා ලෙසයි. ඒ තරමටම ඔහුගේ ශරීරය විදුලිය වැදිමෙන් පිලිස්සී තිබුනි.  ඒ සැලකර ගතවී පැය දෙකක් යාමටත් පෙර ඔහු යොවුන් ජීවිතයෙන් සමුගත්තේ සොදුරැ ගමනක අදුරැ සටහනක් තබමිනි.


ඉතින් හොදයි මිතුරනි ඔබ මේ ඛෙිදවාචකය දකින්නේ කොහොමද?  අද බෙහෝ දෙනා Mobile Phone සහ Digital Camera  පරිහරණය කරති. ඉන් වැඩි දෙනෙක් නියම ප්‍රෙයා්ජන ගන්නේ දැයි වෙනම කරැණකි. එහෙත් එවන් අධි තාක්ෂණික උපකරන භාවිතයේදී සිදුවන සිදුවිය හැකි ආපදා ගැන දැනුවත් විය යුතුය. මේ ශෝකාන්තය ඊට හොදම නිදසුනකි.
මෙි ඛෙිදවාචකයට ගොදුරැ වූ ආදිත්ත්‍ය කැමරාවකින් නිකුත්වන විදුලි ධාරා අධි බලැති විදුලි රැහැන් වලට සංවෙිදී වන බව දැන සිටියේ නමි ඔහුට මෙවන් විපතකට ගොදුරැ නොවීමට ඉඩ  තිබින .  ඉජිනේරැ ශිෂ්‍යෙයකු වුවත් ඔහු මෙි අනතුරැ දායක තත්වය දැන නොසිටින්නට ඇත. මෙම ශෝකාන්තයෙන් අදිත්ත්‍ය මුලු මහත් සමාජයම දැනුවත් කර මිය ගියේ තවත් එවන් අනතුරැ වලට ඉඩක් නොතබන ලෙස දැනුමි දීමක් කරමිනි.
එමනිසා ඔබත් ඔබ ඇසුරැ කරන අයත් Mobitel Phone සහ Digital Camera පරිහරණයේදී මීට වඩා සැලකිලි මත් විය යුතුය අතර ඒ පිළිබද දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවකි.
මේ සදහා ඔබගේ අවධානය යොමු විය යුතු කරැණු කිහිපයකින් තබමින් මේ සටහන අවසන් කරමි.
Mobitel phone එකක් හෝ Digital Camera ඉන්දන හලකදී ක්‍රියාත්මක නොකරන්න.රිය පදවන විටද මෙය පිළිපදින්න.එපමණක් නොව mobile phone Battery නැවත පණ ගැන්විමෙිදී දුරකථන සංවාද වල නොයෙ දෙන්න.ඉතාම වැදගත් කරැණ වන්නේ අධි බලැති විදුලි රැහැන් ඇති ස්ථාන වලදී Mobitel phone එකක් හෝ Digital Camera ක්‍රියාත්මක නොකරන්න.
          අන්තර් ජාලය ඇසුරිනි.


Saturday, November 30, 2019

කැඩපතේ යෞවනය


අනගි වානේ වුවත්
පන්නරය ලබන්නට
කල යුතුය උණුසුමි
සිසිලසද මුවහතට
එතරමිම සමීපය




                                                     ජිවිතය යකඩයකි
ආදරය කැඩපතකි
 යකඩයට නොදැනෙනා
 කැඩපතේ යෞවනය                                                   
 මොන තරමිසුන්දරද

Thursday, November 28, 2019

මිනිසා සහ ගොනා.....

මිනිසුන්ගෙන් සමන්වි. වූ පරිසරයකට සරළ වශයෙන් අපි  සමාජය යැයි කියමු.  මේ සමාජය විෂමයි විවිධයි කථාවක්යද ඇත.  ඒ කථාවෙි ඇත්තක් නැත්තේද නොවෙි. එමෙන්ම සමාජය හොද හා නරක යැයි ද වර්ග කෙරේ. කෙනෙකුට හොද සමාජය තවත් කොනකුට නරක් විය හැක. එහෙත් සමස්තයක් වැඩි දෙනා හොද යැ
යැයි සලකන සමාජය අපිද සමිමතයක් වශයෙන් හොද සමාජයක් වශයෙන් සලකමු.
මගේ මේ උත්සාහය සමාජය ගැන විග්‍රයක යෙදීමක් නොව.  එය මහ පුලුල් මාතෘකාවකි. එයට මා තරමි නොවෙියැයි මට සිතේ.

ඒ කෙසේ වෙතත් සමාජය නමි වූ සංස්ථාවේ කොටස් කරැවන් වූ අප අන්‍යයන් වුදෙසා කරන කියන කටයුතු වලට බොහෝවිට හරි ඇගැයීමට ලක් නොවන බව මගේ විශ්වාසයයි. විශේසයෙන්ම හිත හොද කමට තම හිත මිතුරන්ට දුකේදි තමාට සිදුවූ විපතකන් සේ සලකා උපකාර කරන අවස්ථා මා දැක ඇත. එහෙත් එය ඔවුන් දකින්නේ මෝඩ කමට නැත්නමි ඔවුන්ගේ ලොකු කම නිසා කරන ක්‍රියාවක් වශයෙනි. මනුෂ්‍යත්වය මිත්‍රත්වය හා හිතහොදකම පිහිට වූ ඔවුන්ට සමජයෙන් හෝ සමාජයේ අංකුරයකින් ලැබෙන සහතිකය එය නමි එය සමාජයේ  විෂමතාවක් නොවන්නේද? මිනිස්කම නොසලතකා හැරීමක් නොවන්නේද? මනුෂ්සත්වයට තරමි වෙිද යන්න දෙවරක් සිතා බැලිය යුතු නොවන්නේද?
මට අසන්නට ලැබුනු සත්‍ය පුවතක් ඇසුරෙන්  එවන් අවස්ථාවක් ගැන ලියැවුන කවි කිහිපයකි මෙි..........


හිටියා හොද ගොනෙක් මට ඌ වික්කේ                 ය
ඇත්තට ඌට තිබුනේ හොද පපුවක්                       ය
පරබර අදින්නට ඌ හරි හපනෙන්                         ය
ඒ බව නොදැන අන් අය වැඩ ගත්තේ                    ය

ගොනා උනත් ඌ නමි හරි අහිංසක                       යි
කරනා කියන වැඩ බැලුවම පුදුම හිතෙ                  යි
උමිබෑ කිය කියා ඌ හැමදේම කර                        යි
මේ ලෙස ගොනුන් හැමදාමත් ඉදිනු සැක              යි

මිනිසා ගොනා දෙදෙනෙකි නැත සම වන්           නේ
මිනිස්කම නිසයි ගොන් කම යට යන්                  නේ
එනමුත් ගොනා හැමදා නැත පර දින්                   නේ
ඌටත් යමක් යමි දවසක වැට හෙන්                    නේ

                                                      සමහර වෙලාවට ගැල්කරැ ගොන් කරැ                    ය
ගැල පදවන්න ගැල්කරැැ හරි අසමත්                       ය
ඒ බව නොදැන යන ගමනත් හරි සැක                    ය
ගොනා උනත් දැන් යන්නේ හරි මග                        ය

ගොනා සිතනවා දවසක් මෙි ලෙසි                         නේ
මම බර අදිනවා කාගෙත් සිතු ලෙසි                       නේ
ඒ බර සැහැල්ලුයි නැත මගේ කර රිදු                    නේ
ඒ බව නොසිතනා මිනිසා ගැන රිදු                        නේ   

   

Sunday, November 24, 2019

පැදුර වනාහි............



පැදුර වනාහි නිදා ගැනීමටත් ඉද ගැනීමටත් භාවිතා කෙරෙන භාණ්ඩයකි.පැදුර සරල ජන ජීවිතයේ අනන්‍යතාවය ලෙසද සැලකිය හැක. ඒ නිසාම පැදුර  වටා ගෙතී ඇති කථා බහද රසවත්ය. එදා හේනේ පැලේ පැල් රැක්කෝ පැලට ගෙන ගිය පැදුර ''පැලේ පැදුර'' විය. ගෙදර පිලට ඇතිරෑ පැදුර පිලේ පැදුර විය. බෙහෝ විට පැලට ගෙන රැගෙන ගියේද පිලේ පැදුරමය. පිලේ පැදුර හේනට අරගෙන යනවා යන්නේ එය ගම්‍ය වෙි. ‍බොහෝ දරැඵල ඇති ගැහැණුන්ට  ''පැදුර පැගුනත් ඇති'' යැයි කියති. රහසේ කාටවත් නොකියා හොරන් ගිය අය පැදුරටත් නොකියාම ගිය අය වෙති. ''පැදුරැ කඩමල්ල''  දිළිදු කම සංකේතවත් කෙරේ. එදා පැරණි ගෙවල් වල පැදුරැ ආනක් විය. එය පැදුරැ ආන විය. ගෙදර ඇති වැඩිපුර පැදුරැ මෙම ආනේ රදවා තිබෙි. ඉස්සර නිවෙස් වල ඇදන් නොවීය. නිදා ගත්තේ බිම එලාගත් පැදුරකය. ගෙදරට පැමිණි ඥාතියකුට හෝ අමුත්තෙකුට නිදා ගන්න දුන්නේ රටා පැදුරක්ය. පුරාණයේ දෑවැදි සමග පැදුරක් පිරි නැමින. ''පැදුරැ පාටිය'' තවත් එකකි.  එය  පැදුරැ මත වාඩිලා වාදන ගායන ඉදිරිපත් කෙරෙන විනෝදමය  අවස්ථාවකි.

පැදුර විවිම ඈත අතීතයේ සිට පැවත එන්නකි. එහි ආරමිභය මහා සමිමත රජ දවස දක්වා දිවෙන බවයි විශ්වාසය. අතීතයේ පන් නෙලීම හා පැදුරැ විවිම රාජකාරි ක්‍රමයට අයත් වූවකි.'' කින්නර‍'' නමි වූ ජන කොටිඨාශය මෙම කර්මාතයේ මුල් උරැමක්කාරයෝ ලෙස සැලකේ.
පැදුර සමග බැදි ඓතිහාසික පුවතකද්ද වෙි. ගැමුණු කුමරැ සහ තිස්ස කුමරැ අතර අරගලයක් ඇතිවින. අරගලයෙන් ගැමුණු කුමරැ පරාජයට පත්වින. ඒ අවස්ථාවෙිදී තිස්ස කුමරැගෙන් ගැමුණු කුමරැ බෙිරි පලාගියේ පැදුරක සැගවී සංඝයාවහන්සේලාගේ කරමතින් යැයි කියැවෙි.

පැදුරැ විවිමට භාවිතා කෙරෙනුයේ පන් නමින් හදුන්වන තෘණ පවුලට අයත් ශාඛවිශේෂයකිනි. පන් තෘණ විශේෂයක් වුවත්  සිහින්ව අඩි හතරක් පමණ උසට වැඩෙන්නකි.   එය වැවෙනුයේ ජලාශ්‍රිත ස්ථානයන්හි වීම විශේෂත්වයකි. පන් වර්ග රාශියකි. මේ අතර හාල් පන් කාමරංග බොරැ පන් තුන්හරියා ගල්ලැහැ හැවැස්ස ඉන් කිහිපයකි.පන් නෙලීම චාරිත්‍රානුකූලව සිදු කෙරෙන්නකි.  පන් නෙලීම නැත්නමි පන් කැපීම කරන්නේ ලදුන් අතිනි.


පැදුර වනාහි විවිධ රටා හා වියමන් ඔස්සේ ආකර්ෂණිය ලෙස නිරීමාණය කෙරෙන කලා නිර්මානයකි.  දුමිබර රටා පැදුරැ වඩා අගයක් ගනී. ආගමික හා ජාතික උත්සව වලට මෙන්ම මංගල අවමංගල අවස්ථා වලට මෙන්ම කමතටද නැතුවම බැරි මෙවලමකි පැදුර. කමතට එලෙන පැදුර මාගල නමි වෙි. වී වෙීලිම සදහා භාවිතා කෙරෙනුයේද මාගලය වෙි. මාගල පැදුර මෙන් දෙතුන් ගුණයකින් විශාල වූවකි. කෙසේ වෙතත් අද පැදුර වනාහි වර්තමානිකයාට අමතකව ගිය දේශයේ ඓතිහාසික මෙවලමක් පමණි.



Friday, November 15, 2019

Radio Mathaka

 Radio මතක
                                                                       
මගේ ගුවන් විදුලි ජිවිතයේ විසිපස් වසරක මා ලැබූ අත්දැකීමි මෙතරමි යැයි මට සංඛ්‍යා
ගත කල නොහැක. මාධ්‍ය වෙිදියෙකු වශයෙන් මා සෑම දවසකම ලැබුවේ අලුත් අත් දැකීමකි.
එය එකකට එකක් දෙවැනි නොවෙි යන්න මගේ අදහස.

මාධ්‍ය වෙිදියා යනු හැමදාම අලුත් අත් දැකීමි ලබන්නෙකි. ඊයේ නින්දට ගිය මාධ්‍ය වේදියා නොව
පසුදා අවධි වන්නේ. මාධ්‍යෙවිදීන් වයසට නොයන කථාවක්ද මා අසා තිබෙි. කෙසේ වෙතත් ඔහු හැමදාම
අලුත් මිනිසෙකි. ඔහුට රැයක් දවාලක් නැත. හැම දවසක්ම නැවුමි දවසකි. පිළුනු නොවන දවසකි. ඒකාකාර නැති දවසකි. ඊයේ දුටු ලෝකය නොව ඔහු අද දකින්නේ. ඊයේ හමුවුන මිනිසා නොව අද හමුවන්නේ.  එහෙම නමි මාධ්‍ය වෙිදියා නිරතුරැ තොරතුරැ සොයන්නෙකි.

මගේ මාධ්‍ය ජීවිතයේ විසිපස් වසරක අත්දැකීමි ඇසුරෙන් ලියන ලද්දකි Radio මතක. එය ජනගත
කෙරැනේ ශීූ ලංකා ගුවන්විදුලි සංස්ථාවෙි කුමාරතුංග වදිරියේදී ජනමාධ්‍ය ඇමති ගායන්ත කරැැණාතිලක
මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙි අවස්ථාවට මහාචාර්ය සරත් කොටගම ප්‍රවීන මාධ්‍යෙවිදී ආචාර්ය එඩිවින් ආරියදාස  සමන් ආතාවුදහෙටිටි
යන අයද සහභාගී වුහ.

''මෙි නිබන්ධය ඉතා පහසුයෙන් එක හුස්මට කියවා ගත් මට මෙි පොත පාඨකයන්ට අතිශය නිරීමානයක්
වීමෙි රහස ඉතා පැහැදිලි ලෙස අවබෝධ කොට ගතහහැකි වූයේය.හේමසිරි සිය ඇසට ගතට ගෝචර වූ හැමෙකක්ම ඉතා තහවුරැව ස්ව ආත්ම ගතකොට ගත්බව මෙහි මුල්පිටු කිහිපය මගින් හේමසිරිගේ ලෝකයට ඇතුලුවන කවර පාඨකයෙකුට වුව ලෙන් ගතුව දැනෙන්නේය.''
කලාසූරී ආචාර්ය එඩිවින් ආරියදාස
*******************************

''හේමසිරි කුලරත්නයන් මා හදුනා ගත්තේ ගුවන්විදුලි ආයතනය සමග පරිසර වැඩසටහන් ඔස්සේය.
ඔහු දශක තුනක පමණ කාලයක් ගුවන්විදුලියේ ලත් අත් දැකීමි සමිජයට ඉදිරිපත් කිරීම සදහා දරන ලද
මෙම ප්‍රයත්නය අගයමි.''
මහාචාර්ය සරත් කොටගම
***********************
මගේ Radio මතක ග්‍රන්ථයට මගේ ගුවන්විදුලි ජීවිතයේ රසවත් අත්දැකීමි අන්තරී ගත කිරීමට මා විශේෂ
උනන්දුවක්  ගත්ත. මෙි අතර ගුවන්විදුලිය විද්යුද් මාධ්‍යයක්  වශයෙන්දැන සිටියත්  එදා අවට පරිසරය
මම හිතන්නෙ වැඩි දෙනෙක් නොදන්වා වෙන්න පුලුවන‍්. කෙසේ වෙතත් හැටේ දශකයේ ගුවන්විදුලි
අවට පරිසරය  මම දුටුවෙ මෙන්න මේ විදියට. එය අංග සමිපූර්ණ නොවෙන් පුලුවන්. කෙසේ වෙතත් මෙි එම පොතෙන් උපුටා ගත් කොටසකි.

එදා ගුවන් විදුලි පරිසරය

එදා ගුවන්විදුලි පරිසරය අද මෙන් ඝෝෂාකාරි නොවිය. කලබල නැති නිසල සොදුරැ පෙදෙසෙකි. එය ටොරින්ටන්  චතුරස්ශ්‍රය නමි විය. අද නිදහස් චතුරශ්‍රය වෙි.එදා ගුවනවිදුලියට මුහුණ ලා හොකී කීිුඩංගණය
පිහිටියේය. එහි උදය සවස තරැණියෝ හොකී කිුඩා කලහ. මා හොකී කීුඩාව ගැන අසා ඇතත් හොකී කීූඩා කරනු දැක නැත.
පලමු වරට හොකී කීුඩා කරනු දකිනට ලැබීමද අලුත් අත්දැකීමක් විය.ඊටඅමතරව නිවාඩු දිනවල කොළඹ හතේ නෝනා මහත්වනරැ මෙහි ව්‍යායාමි කලහ. ඔවුන් දුවන විට පිමිබුන කළ වැනි බඩ සෙලවෙන දුටු මට ඉබෙිම සිනහ පහල විය. අද ජාතික රෑපවාහනි සේවය පිහිටා ඇත්තේ මෙම හොකී ක්‍රිඩාංගණ පිහිටි භූමි භාගයේය.
එදා කොටුව - කොහුවල මාර්ග අංක 116 සහ නාරාහේන්පිට 173 මාරෟග අංක 195 සහ මාර්ග අංක 107 කොහුවල ඇලකන්ද යන බස් සේවා ධාවනය වූයේ ගුවන්ව්දුලිය ඉදිරි පසිනි. එදා එය ටොරින්ටන් මාවත විය. අද එය ප්‍රේමකීර්ති ද අල්විස් මාවත නමින් හැදින්වෙි.
එවකට කොළඹ නගරයේ වැඩියෙන්ම ධාවනය වූයේ තටිටු දෙකේ බස්ය. මා ගුවනවිදුලියට පැමිණියේ ඉංගිරිය - කොළඹ බසයෙනි. කොළඹ නගර ශාලාවෙන් බැස ගන්නා මා ගුවන්විදුලියට යාමට තෝරා ගත්තේ  තට්ටු දෙකේ බස් රථයකි. ඉනුත් උඩ තටිටුවෙි යාමට වඩාත් ප්‍රිය කලෙමි. එහි සිට වටපිට බලමින් යාම මටඑක්තරා  විනෝදයක් විය. ගමෙි සිට කොළඹ පැමිණෙන මට ටික දින කීපයක් යනතුරැ මෙය අලුත් අත් දැකීමක් විය.
එදා ගුවන්විදුලිය ඉදිරිපිට අහස උසට අතු පතර විහිදී ගිය මාර ගස් කිහපයකි. අදටත් ඉන් කිහපයක් දැකිය හැක. මේ අතර මැයි ගස් නමින් හදුන්වන තවත් ගස් වර්ගයක් විය. මෙි ගස්වල මල් සකුරාමල් වලට සමාන කමක් ගනී.මෙිවා බ්‍රිතාන්‍ය සමයේ ශ්‍රී ලංකාවට හදුන්වා දුන් ගස් වර්ගයක් ලෙස සැලකේ.
අප්‍රිෙයල් මැයි  මාසවල මලින් බරවෙන මෙි ගස්  අමුතුම සුන්දරත්වයක් ගෙන දුනි. ගස් පා මුල පතිත වු මල් පලසක් මෙනි. එපමණක් නොව. මෙම මැයි ගස් සෙවන යට කලාකරැවන් හමුවන සොදුරැ ස්ථානයකි.

මෙම යෝධ වෘක්ෂයන් ගැන කථා කරන විට අමතක නොවන චරිත දෙකක් විය.එක් චරිතයක් බුලත් අමිමාය. ඇය වයසින් අවුරැදු පනහක් හැටක් පමණ වුවත් නඩවසමි කාන්තාවකි. චීතත රෙද්ද සහ ඊටම සරිලන හැටිටයකින් සැරසී ඇ නිතර සිනම මුසු මුහුණින් යුක්ත වූවාය.ඇය සිනහසෙන විට කමිමුල දෙපස වල ගැසේ. එය ඇගේ මුහුණට අමුතු සුන්දරත්වයක් ගෙන දුනි.

 ඇය හිසමත තබා ගෙන බුලත් තට්ටුව පසෙක තබා පා දෙපසට වන සේ සුපුරැදු මාරගස මුල වාඩිලා ගන්නීය.රැගෙන ආ බුලත්විට පිළිවෙලකට තබන්නීය.බුලත් විට විකා කෑමට අපහසු අයට සිය කැමැත්තෙන්ම විට කොටා දුන්නාය. ඊට අවශ්‍ය අඩුවැඩිය රැගෙන ඒම ඇගේ පුරද්දකි. බුලත් අමිමාගේ වෙළදාම බොහෝ විට හිරැ අවරට යාමත් සමග අවසන් වන්නේය.

මේ අතර දිනපතා ගුවන්විදුලිය ඉදිරිපිට දක්නට ලඅබුන අනෙක් චරිතය ජෝන් මුදලාලි විය.සමහර අය ජෝන් අය්යා නමින්ද හැදිනුවූහ. කලු කෝටි එකක් හැද දින පොතක්ද අතැතිව සිටින ඔහු තරමක් මිටි පුද්ගලයෙකි. ආවෙි ගියේ ඔස්ටින් කාරයකිනි. ගුවන්විදුලියේ ඔහු නොහදුනා කෙනෙකු නොමැති තරමි. කවුරැන් හෝ මුන ගැසුනු විට හිස ඇලකර සිනහසීම ඔහුගේ ලක්ෂණයකි. එවකට නිල අවසර පතක් නොමැතිව ගුවන්විදුලියේ සැරිසැරෑ එකම පුද්ගලයා  ජෝන් අය්යා යැයි කීවොත් පුදුම විය යුතු නැත. ඒ තරමටම ගුවන්විදුලියේ ලොකු පොඩි සැවොම දැන සිටියෙකි ජෝන් අය්යා.

ඔහුගේ රාජකාරිය  සල්ලි පොලියට දීමය. ඔහුගෙන් මුදලක් නොගත් කෙනෙක් ඒ අවට කාර්යාල සිටියේ නමි ඒ කීප දෙනෙකු පමණි. පොලී වශයෙන් අය කරනු ලැබුවෙි ඉතා සුලු මුදලකි. මාසික වැටුප ලැබෙන තුරැ හදිසි පිරිමසා ගත්තේ ජෝන් අය්යාගෙන් ලබා ගන්නා පොලි මුදලෙනි.
එදා  ගුවන්විදුලිය කේන්ද්‍ර කර ගනිමින් රජයේ ප්‍රධාන දෙපාර්තමේන්තු කිහිපයක්ම ඒ අවට විය. ඒ අතර රජයේ ගොඩනාගිලි දෙපාර්තමේන්තුවෙි ශාඛාවක්ද විය. එදා  රජයේ දෙපාර්තමේන්තු නිලධාරින්ගේ ක්‍රීඩා සමාජ සදහා සුරාබදු අවසර පත්‍රයක් ලබා ගැනීමෙි වරප්‍රසාදයද එදා හිමිව තිබින. එය සාජිකයින්ට පමණක් සීමා විය. එහෙත් ඔවුන්ගේ අනුදැනුම පිට ගුවන්විදුලියට සමිබන්ධ අයට එහි යාමට තහනමක් නොවිය.
තම සේවා කාලය අවසන් කල අප කලාකරැවෝ මෙතැනට රැස් වෙති. මධුවිත තොල ගාමින් විවිධ මාතෘකා ඔස්සේ කරන සංවාද ඉතා රසවත්ය. මේ අතර ආචාර්යවරැ නිවෙිදකයෝ නිෂ්පාදකවරැ සහ සංගීත ශිල්පිහුද වූහ. මෙහිද් මොන තරමි ගී ලියැවෙන්නට ඇද්ද මොන තරමි අර්ථවත් දෑ සාකචිචාවට බදුන් වන්නට ඇත්දැයි දැන් මට සිතේ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මෙම භුමිබාගය ගුවන්විදුලියට පවරා ගැනීමත් සමග රසිකයිනට තෝතැන්නක් වූ එම ක්‍රීඩා සමාජයද අහෝසි විය.

Wednesday, November 13, 2019

රැදවියන් නොදුටු වෙමි.........


                           රැදැවියන් නොදුටු වෙමි. මෙි Post එක මම ලිවිවෙ වැලිකඩ හිර ගෙදරට 
                           ගිය අවස්ථාවකදී. එහිදී රැදවියන් පිළිබද කරැණු සොයා බැලුන. ඔවුන්ගේ 
                           දුක් ගැනිවලි  හරිම සංකීර්ණයි. එහෙත් බැලූ බැල්මට සිපිරි ලදුන් කියන්නට
                           බැරි තරමි. මේ මම ඔවුන් දුටු හැටි.

                           රැදවියන් නොදුටු වෙමි.........
                           
 ගියෙමි මම සිපිරි ගෙට 
 දකින්නට රැදැවියන්
 නුදුටු වෙමි එවැනියන්
                           
සුදු වතින් සැරසි සිටි
සමාධි ගතව මෙන්           
බිමට නෙත් යොමා සිටි                   
යුවතියන් රැසකි එහි                                              
                    
                          කිරෙන් බරවු ඇගෙ පියයුරැ
                          දරැ සෙනෙහස නොකිය කියයි
                          දෙකපුල මත රැදුනු කදුලු
                          කියැවෙන්නේ ලියැවෙන්නේ
                          සමාජයේ අවනඩුවයි.     

Monday, November 11, 2019

අවුරැදු ලිප හඩා වැටුන දා...........


මගේ මෙි සටහන තරමක් සංවෙිදී එකකි. මෙය පසුගිය අලුත් අවරැදු උදාව නිමිත්තෙන් තබන ලද්දක් නොව.මගේ බිරිද ගේ වියෝවෙන් පසු මා තනිව මුහුණ දුන් පලමු අලුත් අවුරැදු උදාව වූ 2017 අප්‍රිෙයල් මස 14 දින තබන ලද්දකි. එදා නිවසේ හුදකලාවූ මම තනිවූ මම මා සිතතුල ජනිත වූ සත්‍යමය හැගුමි සමිභාරයකි මෙි. මෙය පලමු වරට මුදා හැරියේ ඇගේ මරණයෙන් දෙවසරක් පිරීම නිමිත්තෙන් ඇයට පින් අනුමොදන් කරමින්  අප නිවසෙහි 2019 අගෝස්තු 28 දින මහා  සංඝරත්නය වෙත සංගික දානය පිරිනැමුනු අවස්ථාවෙිදීය.
අදදින මගේ BLOGSPOT පිටුයෙන් මෙය මුදා හරිනුයේ ඇයට උපහාරයක්
ආදරයේ නාමයෙනි..........

අවුරැදු ලිප හඩා වැටෙි... 

 වර්ෂ 2017 අපිූයෙල් මස 14 වන දින මා අවධිවූයේ මහ හඩින් ගිගුමි දුන් රතිඥඤා හඩිනි.  වෙිලාව අලුයම පහට පමණ ඇත. වසරක් ගෙවී අලුත් වසරක් උදාවන මෙහොතකි. එහෙත් මට නව අවුරැදු උදාවක වගේ වගක් නැත. මා තව තවත් ගුලිවී දෑස් තදින් පියාගෙන නිදන්නට උත්සාහ දැරැවද එය නිරර්ථක උත්සාහයක් පමණි. තවමත් රතින්නන් හඩෙහි අඩුවක් නැත. නිදි යහනේ ඒ මෙි අත පෙරලෙමින් සිටි මම නිදිගැට හැරපියා සෙමින් ඈනුමක් හැර යහන මත වාඩි වුනෙමි. ඇත්තටම මම වාඩි වූවා නොව ඉබෙිටම වාඩි වින.මද වෙිලාවක ඒ ඉරියවිවෙන්ම සිටියේ සමාධි ගත වූවාක් මෙනි. නිදන කාමරය තවමත් අඩ අදුරේය. යාන්තමට හෝ එළියක් දක්නට නැත. මම බෙල්ල හරවා ඇද අතපත ගා බැලුවෙමි. ඒ මගේ බිරිද චන්දුා ඉන්නවාදැයි පුරැද්දට මෙනි.  එහෙත් අද ඇය එහි නැත.ඇත්තේ මා පමණි. මට මහත් පාලුවක් දැනින. මම තදින් හුස්මක් අල්ලා දෑතින් මුව තද කර ගතිමි. මගේ මතකය 2016 අලුත් අවුරැදු උදාව දන්වා දිව ගියේ නිතැතිනි.එදා ඇය අලුත් අවුරැදු නැකතට ලිප ගිනි මෙලමූ අවස්ථාව මට සිතුවමක් ලෙස මැවී පෙනින. අදත් ඇය සිටියා නමි මෙි වනවිට ලිප ගිනි මොලවා කිරිබත පිසමින් සිටින්නීය. මට ඒ සියල්ල මතකයට නැගුනේ කදු මුදුනක සිට අතෝරක් නැතිව ගලා හැලෙන දිය දහරක් මෙනි. මා සෙමින් සෙමින් මුලුතැන්ගේ දෙසට පිය නැගුවෙි නිරායාසයෙනි.

මුලුතැන්ගේ තවමත් අදුරේය. වෙන කවරදාකවත් නුදුටු මහා පාලුවක් මට දැනින. ඒ අදුර දෙස ස්වල්ප වෙිලාවක් බලා සිට විදුලි පහන දැල්වූයෙමි. විදුලි එළියෙන් ආලොකවත් වූ මුලුතැන් ගේ දුටු මා තුල ඇතිවූයේ දැඩි සංවෙීගයකි. ලිප පාලුවට ගොසින. වෙනදා ලිප වටා තිබුන කිරිබත පිසෙන නැවුමි මුටීටිය දැල්වෙන පහන තවාගත් කෙසෙල් කොළය දර පොල් කොළ  ඈ කිසිවක්  එහි දක්නට නොමැත.නොදැල්වුන ලිප නිදැල්ලේ බලා සිටී.  අඩ අදුරට වඩා පාලුව තනිකම මා දැටි ලෙස වෙලා ගත්තාක් මෙනි. ඈතින් කොහාගේ හඩ ඇසේ. මට  අද ඇසෙන්නේ එදා මා ඇසු කොහාගේ  කොහෝ කොහෝ හඩ නොවෙි. මට එය මහා විලාපයකි. මගේ දෑස් නොදැනුවත්වම යලිත් මුලුතැන් තේ වෙත යොමු වින.මගේ දෑස් මටම අදහා ගනු බැරිය.

පසුගිය අලුතු අවුරැදු දා මුලුතැන් ගෙයි දක්නට ලැබුනු කලපලකාරී පරිසරය අද එහි නැත. ඒ පරිසරය කෙතරමි කලබලකාරී වුවත් සිතට නැවුමි මිහිරියාවක් දැනින. එහෙත් අද මිහිරියාව හොරැ අරන් ගියාක් මෙනි. මම මුලුතැන් ගේ උලුවස්සට හේත්තු වී නොදැල්වුන පාලු ලිප දෙස බලා සිටිායෙමි. එසේ බලා සිටියදීම පසුගිය අලුත් අවුරැදු දා චන්ද්‍රා නැකතට ලිප ගිනි මෙලවූ ඒ සොදුරැ මොහාත මගේ මතකයට නැගින. ඒ මතකයන් සමග ඇගේ සිහින් කටහඩ දැන් දැන් මට ඇසෙන්නාක් මෙනි.

ඔය රේඩ්යෝ මෙහෙට ගේන්න මටත් ඇහෙන්න එක්ක.   චන්දුා ලිප ලග සිට හඩ නගයි. මම හනි හනිකට ඇයට ඇසෙන ඉසවිවට ගෙන ගොස් තැබුවෙමි.  ඇය පෙරදා සුද්ධ පවිත්‍රකල දෑ සමග ලිප ලගට වී නව වසරට ගිනි මොලවන නැනත උදාවන තුරැ බලාසිටින්නේ නොඉවසිල්ලෙනි. ලිප් ගලක් උඩ දැල්වෙන පහනකි.පසෙකින් ඒ අසලම නැකතට කිරිබත පිසෙන නැවුමි මුටිටි්ය. මුටීටිය කල් වෙිලා ඇතිව ලෙනත් තැබූවකි.ඇය ලිප ගිනි මෙලවීම අකුරටම කරන්නියකි. ඊට ඇවසි දර පොල් ‍කොළ පිළිවෙලට තබා තිබුනි.මට හිතෙන්නේ ඒ චාරිත්‍ර  ඇයගේ මව ඇසුරෙන් ලද ආභාෂයක් ලෙසිනි.

සුභ නැකත උදාවනවාත් සමග හතරවටින් ඇසෙන රතින්න හඩ මැද්දේ චන්දුා ලිප ගිනි මොලවා කිරිබත පිසෙන නැවුමි මුටිටිය ඒ මත තබා ඊට වැන්දාය. අනතුරැව ඇය මා දෙස බලා සිනාසුනාය. ඒ ඇයි දැයි මම නොදනිමි. සමහරවිට හරියටම වෙලාවට ලිප ගිනි මෙලවා ගැනීමෙි සතුට නිසා විය හැක. ඒ සිනහව තුල මොන තරමි බලාපොරොත්තු ඇද්දැයි මට සිතින. ලැබුවාවු නව වසර වාසනාවන්ත නිදුක් නිරෝගී වසරක් වෙිවායි ඇය පතන්නට  ඇත.

කෙසේ වෙතත් ඒ සිනහව මොන තරමි අව්‍යාජදැයි මට සිතින. ලිපෙන් නැගුන ගිනිදැල්  ආලෝකයෙන් විනිවිද දුටු ඒ සිනහව තුල මා වෙනදා නොදුටු අමුතු සුන්දරත්වයක් දුටිමි.  ඇගේ පැහැපත් දෙකපුල් ලිපෙන් නැගුන රන්වන් ගිනිදැල් වල ආලෝකයෙන් එය වඩාත් රත්පැහැ ගැන් වී තිබින. එය ඇයගේ ස්වභාවික සුන්දරත්වයට අලුත් යමක් එක් කලාක් මෙනි.

මම මුලුතැන්ගේ  උලුවස්සට හේත්තු වී මෙි සියල්ල බලා සිටියේ පහන් සංවෙිගයෙනි.  ආහාර අනුභවය සදහා නැකත් වෙිලාවට පෙර සියලු වෑන්ජන පිළියෙල කිරීමට ඇය ගන්නා වෙහෙස ඇයට වෙහෙසක් නොමැතිවාක් මෙනි.

ඇය විසින් පිසින ලද කිරිබත  හත්මාලුව ඇතුලු වෑංජන හා රස කැවිලි වලින් මම  අවුරැදු නෑම මෙිසය පිළියෙල කලෙමි. ඇය විසින් මෙිසයේ ‍කෙලෙවරට වූ පොල් තෙල් පහන දල්වා ඊට වැද නමස්කාර කලේ දැඩි භක්තිපුණාමයෙනි. පහන් සිල දීප්තිමත්ව බැබලින.  එහෙත් හමා ආ සුළග  පහන් සිලට සිතැගි සේ දැල්වෙන්නට ඉඩ නොදෙන්නාක් මෙනි. එය සුළගේ රිද්මයට නැටවෙි. මම මෙහොතක් ඒ දෙස බලා සිටියෙමි. අපේ ජීවිත වුවද පහන් සිලක් මෙනි. එයද අපට සිතැගි පරිදි නැටවිය නොහැක.  ඒ මෙි අත වැනෙන මෙි පහන් සිලුව අපට පසක් කර දෙන ධර්මතාවය නොවෙිදැයි මට සිතින. ආහාර අනුභවයට සියල්ල සූදානමිය. නැකැත් වෙිලාව ගුවන් විදුලියෙන් නිවෙිදනය කරන තුරැ අපි මදක් අවුරැදු මෙිසයේ රැදී සිටියෙමු.  අවුරැදු කෑම මෙිසය මටත් චන්දුාටත් සීමාවිය. 
දරවන් පොඩි අවධියේ ඔවුන්ගෙන් පිරි අවුරැදු කෑම මෙිසයේ සුන්දරත්වය අද නැත. එය මට මැවී පෙනින. දරැවන් කෑම මෙිසය වටා හිදුවා ගෙන අපි දෙන්නා තරගයට මෙන් ඔවුනට කිරිබත් කැවුවෙමු.  ඔවුන් කට ඇරියේ කුරැලු පැටවු මෙනි.  කෑම මෙිසය ඉදුල් කලේ පුථම බත් පිඩ ඔවුනට කැවීමෙනි.  අනතුරැව අප දෙදෙනාද එකිනෙකාට කිරිබත් කවා ගත්තෙමු. ඒ දුටු දරැවන් අහක බලා ගත්තේ ලජ්ජාවෙන් මෙනි. අපි ඔවුනට නොදැනෙන්නට මුහුණට මුහුණ බලා ගතිමු.  එහෙත් ඒ අසිරිය අද නැත. එය හොරැ අරන් ගියාක් මෙනි.

මේ යටගියාවෙි නිමග්නව සිටි මා චන්දුාගේ නටහඩින් යලි පියවි ලෝකයට පැමිණියෙමි. තව තත්පර ගානයි තියෙන්නේ ආහාර අනුභව නැකතට එන්න එන්න  වැඩිවෙන්න යැයි කීවෙි හරියට මගුල් මේසයකට ආරාධනා කරන්නාක් මෙනි. 

අපි දෙදෙන අවුරැදු කෑම මෙිසයට වාඩිවනවාත් සමග ආහාර අනුභවයට වෙිලාව පැමිණ ඇති බව ගුවන් විදුලියෙන් නිවෙිදනය විය. ඒ අනුව ඇය මුලු කිරිබත් පිඩ මට බෙදනු ලැබුවාය. එය එදා සිටම ඇයගේ චාරිත්‍රයකි පුරැද්දකි.  දෙවනුව ඇයට බෙදා ගනි. පලමු කොටස මට කවන්නීය‍. මම ද ඒ පිළිවෙතම අනුගමනය කරමි. පසුව අප දෙදෙනාට දෙදෙනා ආශීර්වාද කර ගැනීම සැබවින්ම සංවෙිදී අවස්ථාවකි.  සතුට වැඩිකම නිසාදෝ නෙතට වන් කදුලු පිසදා නොගෙන අපි එය වියැලී යන්නට ඉඩ හැරියෙමු.

අපි මෙසේ අවුරැදු හතලිස් නවයක් පුරාවට අඩුවැඩි වශයෙන් අලුත් අවුරැදු සිරිත් වලින් පොෂණය වීමු.  එය සැමරැවෙමු.එකි නෙකාට කවා පොවා ගත්තෙමු.නැකතට දරැ මුනුබුරන්ට කිරිබත් කවිවෙමු.  ආශීර්වාද කලෙමු. අප දෙදෙනා ආදරයෙන් වැලද ගත්තෙමු. ලබන සෑම අවුරැද්දක්ම නිමාවූයේ මෙි අයුරිනි. දෙදහස් දහසයේ (2016)  අවුරැද්ද සමරා හරියටම ගතවූයේ හරියටම මාස හතරක කාලයක් පමණි. එතැන් සිය දින සති මාස වලට පරිවර්තනය වෙමින් අගෝස්තු මස විසි අටවන දිනට උදාවූයේද වෙනදා මෙනි. එහෙත් එම දිනය මා ජිවිතයේ ශෝකාත්මක දිනය වනු ඇතැයි මා කිසිවිටෙකත් නොසිතු වෙමි. හදිසියේම මගේ ආදර බිරිද චන්දුා අප අතරින් වියෝ වූවාය.ඒ ඇදහිය නොහැකි පුවතින් කමිපනයට පත් මට දැනුනේ මගේ ජීවිතය පමණක් නොව අපේ ලෝකයම කඩා වැටුනාක් මෙනි. සැබැවින්ම ඇය උත්තම කාන්තාවකි.  ඇය සිය ආදරය කරැණාවසෙනෙහස සහ ලෙන්ගතුකම ගැන කවරදාකවත් මට වාචිකව පවසා නැත.

එහෙත් ඒ සියල්ල මා ඇසුවෙි දුටුවෙි කැඩපතක් බදු වූ ඇගේ පුංචි මුහුණේ පුංචි ඇස් දෙක යාන්තමට පියවා මා දෙස බලා සිනහසුන අව්‍යාජ අහිංසක සිනහව තුලිනි. වචන දහසකින් කිව නොහැකි එවන් අපූර්වතම සංනිවෙිදනය  මොන තරමි පුබල දැයි මට සිතින. එය කොතෙක්ද යත් හතලිස් නව වසරක් පුරාවට අප දෙදෙනා පිය පියැවිලි කල ජීවන මාවතේ සාර්ථකත්වය ඒ සොදුරැ සිනහව තුල සැගව තිබුනි.

රතිඤඥා හඩ කෙමෙන් කෙමෙන් අඩු වෙමින් යයි. එහෙත් මට ඒ ගැන එ හැගීමක් නැත. මා තවමත් පාලු මුලුතැන් ගේ දෙස බලා ගත් වනමය. මට වෙනසක් දැනෙන්නාක් මෙනි. දර නැති ලිප නොදැල් වෙි. නොදැල්වෙන ලිපෙන් ගිනි දැල් හෝ දුමි  නොනගී. නොදැල්වෙන ලිපෙන් දුමි රොටු අහස් කුසට එක් නොවනු ඇත. එහෙත් එදා ඇගේ චිතකයෙන් නික්මුණ දුමි රොටු සුළගට මුසුව නුබ ගැබෙහි බොද වී නොපෙනි ගිය අන්දම සිත්තමක් සේ මැවී නොපෙනී ගියේය.

ලිප තවමත් හඩා වැටෙි.....