Sunday, November 24, 2019

පැදුර වනාහි............



පැදුර වනාහි නිදා ගැනීමටත් ඉද ගැනීමටත් භාවිතා කෙරෙන භාණ්ඩයකි.පැදුර සරල ජන ජීවිතයේ අනන්‍යතාවය ලෙසද සැලකිය හැක. ඒ නිසාම පැදුර  වටා ගෙතී ඇති කථා බහද රසවත්ය. එදා හේනේ පැලේ පැල් රැක්කෝ පැලට ගෙන ගිය පැදුර ''පැලේ පැදුර'' විය. ගෙදර පිලට ඇතිරෑ පැදුර පිලේ පැදුර විය. බෙහෝ විට පැලට ගෙන රැගෙන ගියේද පිලේ පැදුරමය. පිලේ පැදුර හේනට අරගෙන යනවා යන්නේ එය ගම්‍ය වෙි. ‍බොහෝ දරැඵල ඇති ගැහැණුන්ට  ''පැදුර පැගුනත් ඇති'' යැයි කියති. රහසේ කාටවත් නොකියා හොරන් ගිය අය පැදුරටත් නොකියාම ගිය අය වෙති. ''පැදුරැ කඩමල්ල''  දිළිදු කම සංකේතවත් කෙරේ. එදා පැරණි ගෙවල් වල පැදුරැ ආනක් විය. එය පැදුරැ ආන විය. ගෙදර ඇති වැඩිපුර පැදුරැ මෙම ආනේ රදවා තිබෙි. ඉස්සර නිවෙස් වල ඇදන් නොවීය. නිදා ගත්තේ බිම එලාගත් පැදුරකය. ගෙදරට පැමිණි ඥාතියකුට හෝ අමුත්තෙකුට නිදා ගන්න දුන්නේ රටා පැදුරක්ය. පුරාණයේ දෑවැදි සමග පැදුරක් පිරි නැමින. ''පැදුරැ පාටිය'' තවත් එකකි.  එය  පැදුරැ මත වාඩිලා වාදන ගායන ඉදිරිපත් කෙරෙන විනෝදමය  අවස්ථාවකි.

පැදුර විවිම ඈත අතීතයේ සිට පැවත එන්නකි. එහි ආරමිභය මහා සමිමත රජ දවස දක්වා දිවෙන බවයි විශ්වාසය. අතීතයේ පන් නෙලීම හා පැදුරැ විවිම රාජකාරි ක්‍රමයට අයත් වූවකි.'' කින්නර‍'' නමි වූ ජන කොටිඨාශය මෙම කර්මාතයේ මුල් උරැමක්කාරයෝ ලෙස සැලකේ.
පැදුර සමග බැදි ඓතිහාසික පුවතකද්ද වෙි. ගැමුණු කුමරැ සහ තිස්ස කුමරැ අතර අරගලයක් ඇතිවින. අරගලයෙන් ගැමුණු කුමරැ පරාජයට පත්වින. ඒ අවස්ථාවෙිදී තිස්ස කුමරැගෙන් ගැමුණු කුමරැ බෙිරි පලාගියේ පැදුරක සැගවී සංඝයාවහන්සේලාගේ කරමතින් යැයි කියැවෙි.

පැදුරැ විවිමට භාවිතා කෙරෙනුයේ පන් නමින් හදුන්වන තෘණ පවුලට අයත් ශාඛවිශේෂයකිනි. පන් තෘණ විශේෂයක් වුවත්  සිහින්ව අඩි හතරක් පමණ උසට වැඩෙන්නකි.   එය වැවෙනුයේ ජලාශ්‍රිත ස්ථානයන්හි වීම විශේෂත්වයකි. පන් වර්ග රාශියකි. මේ අතර හාල් පන් කාමරංග බොරැ පන් තුන්හරියා ගල්ලැහැ හැවැස්ස ඉන් කිහිපයකි.පන් නෙලීම චාරිත්‍රානුකූලව සිදු කෙරෙන්නකි.  පන් නෙලීම නැත්නමි පන් කැපීම කරන්නේ ලදුන් අතිනි.


පැදුර වනාහි විවිධ රටා හා වියමන් ඔස්සේ ආකර්ෂණිය ලෙස නිරීමාණය කෙරෙන කලා නිර්මානයකි.  දුමිබර රටා පැදුරැ වඩා අගයක් ගනී. ආගමික හා ජාතික උත්සව වලට මෙන්ම මංගල අවමංගල අවස්ථා වලට මෙන්ම කමතටද නැතුවම බැරි මෙවලමකි පැදුර. කමතට එලෙන පැදුර මාගල නමි වෙි. වී වෙීලිම සදහා භාවිතා කෙරෙනුයේද මාගලය වෙි. මාගල පැදුර මෙන් දෙතුන් ගුණයකින් විශාල වූවකි. කෙසේ වෙතත් අද පැදුර වනාහි වර්තමානිකයාට අමතකව ගිය දේශයේ ඓතිහාසික මෙවලමක් පමණි.



2 comments:

  1. ආසාවෙන් කියෙව්වා තව ටිකක් දිගට ලිව්වානම් හොදයි. අන්තර්ජාලයෙන් අරගෙන හොද ෆොටෝ එකක් ලිපියේ මුලටත් අගටත් දාන්න. වැඩේ තවත් ලස්සන වේවි.

    ReplyDelete
  2. ඔබගේ උපදෙස් අගයමි. ඉතාමත් ස්තුතියි.
    .

    ReplyDelete