Monday, November 11, 2019

අවුරැදු ලිප හඩා වැටුන දා...........


මගේ මෙි සටහන තරමක් සංවෙිදී එකකි. මෙය පසුගිය අලුත් අවරැදු උදාව නිමිත්තෙන් තබන ලද්දක් නොව.මගේ බිරිද ගේ වියෝවෙන් පසු මා තනිව මුහුණ දුන් පලමු අලුත් අවුරැදු උදාව වූ 2017 අප්‍රිෙයල් මස 14 දින තබන ලද්දකි. එදා නිවසේ හුදකලාවූ මම තනිවූ මම මා සිතතුල ජනිත වූ සත්‍යමය හැගුමි සමිභාරයකි මෙි. මෙය පලමු වරට මුදා හැරියේ ඇගේ මරණයෙන් දෙවසරක් පිරීම නිමිත්තෙන් ඇයට පින් අනුමොදන් කරමින්  අප නිවසෙහි 2019 අගෝස්තු 28 දින මහා  සංඝරත්නය වෙත සංගික දානය පිරිනැමුනු අවස්ථාවෙිදීය.
අදදින මගේ BLOGSPOT පිටුයෙන් මෙය මුදා හරිනුයේ ඇයට උපහාරයක්
ආදරයේ නාමයෙනි..........

අවුරැදු ලිප හඩා වැටෙි... 

 වර්ෂ 2017 අපිූයෙල් මස 14 වන දින මා අවධිවූයේ මහ හඩින් ගිගුමි දුන් රතිඥඤා හඩිනි.  වෙිලාව අලුයම පහට පමණ ඇත. වසරක් ගෙවී අලුත් වසරක් උදාවන මෙහොතකි. එහෙත් මට නව අවුරැදු උදාවක වගේ වගක් නැත. මා තව තවත් ගුලිවී දෑස් තදින් පියාගෙන නිදන්නට උත්සාහ දැරැවද එය නිරර්ථක උත්සාහයක් පමණි. තවමත් රතින්නන් හඩෙහි අඩුවක් නැත. නිදි යහනේ ඒ මෙි අත පෙරලෙමින් සිටි මම නිදිගැට හැරපියා සෙමින් ඈනුමක් හැර යහන මත වාඩි වුනෙමි. ඇත්තටම මම වාඩි වූවා නොව ඉබෙිටම වාඩි වින.මද වෙිලාවක ඒ ඉරියවිවෙන්ම සිටියේ සමාධි ගත වූවාක් මෙනි. නිදන කාමරය තවමත් අඩ අදුරේය. යාන්තමට හෝ එළියක් දක්නට නැත. මම බෙල්ල හරවා ඇද අතපත ගා බැලුවෙමි. ඒ මගේ බිරිද චන්දුා ඉන්නවාදැයි පුරැද්දට මෙනි.  එහෙත් අද ඇය එහි නැත.ඇත්තේ මා පමණි. මට මහත් පාලුවක් දැනින. මම තදින් හුස්මක් අල්ලා දෑතින් මුව තද කර ගතිමි. මගේ මතකය 2016 අලුත් අවුරැදු උදාව දන්වා දිව ගියේ නිතැතිනි.එදා ඇය අලුත් අවුරැදු නැකතට ලිප ගිනි මෙලමූ අවස්ථාව මට සිතුවමක් ලෙස මැවී පෙනින. අදත් ඇය සිටියා නමි මෙි වනවිට ලිප ගිනි මොලවා කිරිබත පිසමින් සිටින්නීය. මට ඒ සියල්ල මතකයට නැගුනේ කදු මුදුනක සිට අතෝරක් නැතිව ගලා හැලෙන දිය දහරක් මෙනි. මා සෙමින් සෙමින් මුලුතැන්ගේ දෙසට පිය නැගුවෙි නිරායාසයෙනි.

මුලුතැන්ගේ තවමත් අදුරේය. වෙන කවරදාකවත් නුදුටු මහා පාලුවක් මට දැනින. ඒ අදුර දෙස ස්වල්ප වෙිලාවක් බලා සිට විදුලි පහන දැල්වූයෙමි. විදුලි එළියෙන් ආලොකවත් වූ මුලුතැන් ගේ දුටු මා තුල ඇතිවූයේ දැඩි සංවෙීගයකි. ලිප පාලුවට ගොසින. වෙනදා ලිප වටා තිබුන කිරිබත පිසෙන නැවුමි මුටීටිය දැල්වෙන පහන තවාගත් කෙසෙල් කොළය දර පොල් කොළ  ඈ කිසිවක්  එහි දක්නට නොමැත.නොදැල්වුන ලිප නිදැල්ලේ බලා සිටී.  අඩ අදුරට වඩා පාලුව තනිකම මා දැටි ලෙස වෙලා ගත්තාක් මෙනි. ඈතින් කොහාගේ හඩ ඇසේ. මට  අද ඇසෙන්නේ එදා මා ඇසු කොහාගේ  කොහෝ කොහෝ හඩ නොවෙි. මට එය මහා විලාපයකි. මගේ දෑස් නොදැනුවත්වම යලිත් මුලුතැන් තේ වෙත යොමු වින.මගේ දෑස් මටම අදහා ගනු බැරිය.

පසුගිය අලුතු අවුරැදු දා මුලුතැන් ගෙයි දක්නට ලැබුනු කලපලකාරී පරිසරය අද එහි නැත. ඒ පරිසරය කෙතරමි කලබලකාරී වුවත් සිතට නැවුමි මිහිරියාවක් දැනින. එහෙත් අද මිහිරියාව හොරැ අරන් ගියාක් මෙනි. මම මුලුතැන් ගේ උලුවස්සට හේත්තු වී නොදැල්වුන පාලු ලිප දෙස බලා සිටිායෙමි. එසේ බලා සිටියදීම පසුගිය අලුත් අවුරැදු දා චන්ද්‍රා නැකතට ලිප ගිනි මෙලවූ ඒ සොදුරැ මොහාත මගේ මතකයට නැගින. ඒ මතකයන් සමග ඇගේ සිහින් කටහඩ දැන් දැන් මට ඇසෙන්නාක් මෙනි.

ඔය රේඩ්යෝ මෙහෙට ගේන්න මටත් ඇහෙන්න එක්ක.   චන්දුා ලිප ලග සිට හඩ නගයි. මම හනි හනිකට ඇයට ඇසෙන ඉසවිවට ගෙන ගොස් තැබුවෙමි.  ඇය පෙරදා සුද්ධ පවිත්‍රකල දෑ සමග ලිප ලගට වී නව වසරට ගිනි මොලවන නැනත උදාවන තුරැ බලාසිටින්නේ නොඉවසිල්ලෙනි. ලිප් ගලක් උඩ දැල්වෙන පහනකි.පසෙකින් ඒ අසලම නැකතට කිරිබත පිසෙන නැවුමි මුටිටි්ය. මුටීටිය කල් වෙිලා ඇතිව ලෙනත් තැබූවකි.ඇය ලිප ගිනි මෙලවීම අකුරටම කරන්නියකි. ඊට ඇවසි දර පොල් ‍කොළ පිළිවෙලට තබා තිබුනි.මට හිතෙන්නේ ඒ චාරිත්‍ර  ඇයගේ මව ඇසුරෙන් ලද ආභාෂයක් ලෙසිනි.

සුභ නැකත උදාවනවාත් සමග හතරවටින් ඇසෙන රතින්න හඩ මැද්දේ චන්දුා ලිප ගිනි මොලවා කිරිබත පිසෙන නැවුමි මුටිටිය ඒ මත තබා ඊට වැන්දාය. අනතුරැව ඇය මා දෙස බලා සිනාසුනාය. ඒ ඇයි දැයි මම නොදනිමි. සමහරවිට හරියටම වෙලාවට ලිප ගිනි මෙලවා ගැනීමෙි සතුට නිසා විය හැක. ඒ සිනහව තුල මොන තරමි බලාපොරොත්තු ඇද්දැයි මට සිතින. ලැබුවාවු නව වසර වාසනාවන්ත නිදුක් නිරෝගී වසරක් වෙිවායි ඇය පතන්නට  ඇත.

කෙසේ වෙතත් ඒ සිනහව මොන තරමි අව්‍යාජදැයි මට සිතින. ලිපෙන් නැගුන ගිනිදැල්  ආලෝකයෙන් විනිවිද දුටු ඒ සිනහව තුල මා වෙනදා නොදුටු අමුතු සුන්දරත්වයක් දුටිමි.  ඇගේ පැහැපත් දෙකපුල් ලිපෙන් නැගුන රන්වන් ගිනිදැල් වල ආලෝකයෙන් එය වඩාත් රත්පැහැ ගැන් වී තිබින. එය ඇයගේ ස්වභාවික සුන්දරත්වයට අලුත් යමක් එක් කලාක් මෙනි.

මම මුලුතැන්ගේ  උලුවස්සට හේත්තු වී මෙි සියල්ල බලා සිටියේ පහන් සංවෙිගයෙනි.  ආහාර අනුභවය සදහා නැකත් වෙිලාවට පෙර සියලු වෑන්ජන පිළියෙල කිරීමට ඇය ගන්නා වෙහෙස ඇයට වෙහෙසක් නොමැතිවාක් මෙනි.

ඇය විසින් පිසින ලද කිරිබත  හත්මාලුව ඇතුලු වෑංජන හා රස කැවිලි වලින් මම  අවුරැදු නෑම මෙිසය පිළියෙල කලෙමි. ඇය විසින් මෙිසයේ ‍කෙලෙවරට වූ පොල් තෙල් පහන දල්වා ඊට වැද නමස්කාර කලේ දැඩි භක්තිපුණාමයෙනි. පහන් සිල දීප්තිමත්ව බැබලින.  එහෙත් හමා ආ සුළග  පහන් සිලට සිතැගි සේ දැල්වෙන්නට ඉඩ නොදෙන්නාක් මෙනි. එය සුළගේ රිද්මයට නැටවෙි. මම මෙහොතක් ඒ දෙස බලා සිටියෙමි. අපේ ජීවිත වුවද පහන් සිලක් මෙනි. එයද අපට සිතැගි පරිදි නැටවිය නොහැක.  ඒ මෙි අත වැනෙන මෙි පහන් සිලුව අපට පසක් කර දෙන ධර්මතාවය නොවෙිදැයි මට සිතින. ආහාර අනුභවයට සියල්ල සූදානමිය. නැකැත් වෙිලාව ගුවන් විදුලියෙන් නිවෙිදනය කරන තුරැ අපි මදක් අවුරැදු මෙිසයේ රැදී සිටියෙමු.  අවුරැදු කෑම මෙිසය මටත් චන්දුාටත් සීමාවිය. 
දරවන් පොඩි අවධියේ ඔවුන්ගෙන් පිරි අවුරැදු කෑම මෙිසයේ සුන්දරත්වය අද නැත. එය මට මැවී පෙනින. දරැවන් කෑම මෙිසය වටා හිදුවා ගෙන අපි දෙන්නා තරගයට මෙන් ඔවුනට කිරිබත් කැවුවෙමු.  ඔවුන් කට ඇරියේ කුරැලු පැටවු මෙනි.  කෑම මෙිසය ඉදුල් කලේ පුථම බත් පිඩ ඔවුනට කැවීමෙනි.  අනතුරැව අප දෙදෙනාද එකිනෙකාට කිරිබත් කවා ගත්තෙමු. ඒ දුටු දරැවන් අහක බලා ගත්තේ ලජ්ජාවෙන් මෙනි. අපි ඔවුනට නොදැනෙන්නට මුහුණට මුහුණ බලා ගතිමු.  එහෙත් ඒ අසිරිය අද නැත. එය හොරැ අරන් ගියාක් මෙනි.

මේ යටගියාවෙි නිමග්නව සිටි මා චන්දුාගේ නටහඩින් යලි පියවි ලෝකයට පැමිණියෙමි. තව තත්පර ගානයි තියෙන්නේ ආහාර අනුභව නැකතට එන්න එන්න  වැඩිවෙන්න යැයි කීවෙි හරියට මගුල් මේසයකට ආරාධනා කරන්නාක් මෙනි. 

අපි දෙදෙන අවුරැදු කෑම මෙිසයට වාඩිවනවාත් සමග ආහාර අනුභවයට වෙිලාව පැමිණ ඇති බව ගුවන් විදුලියෙන් නිවෙිදනය විය. ඒ අනුව ඇය මුලු කිරිබත් පිඩ මට බෙදනු ලැබුවාය. එය එදා සිටම ඇයගේ චාරිත්‍රයකි පුරැද්දකි.  දෙවනුව ඇයට බෙදා ගනි. පලමු කොටස මට කවන්නීය‍. මම ද ඒ පිළිවෙතම අනුගමනය කරමි. පසුව අප දෙදෙනාට දෙදෙනා ආශීර්වාද කර ගැනීම සැබවින්ම සංවෙිදී අවස්ථාවකි.  සතුට වැඩිකම නිසාදෝ නෙතට වන් කදුලු පිසදා නොගෙන අපි එය වියැලී යන්නට ඉඩ හැරියෙමු.

අපි මෙසේ අවුරැදු හතලිස් නවයක් පුරාවට අඩුවැඩි වශයෙන් අලුත් අවුරැදු සිරිත් වලින් පොෂණය වීමු.  එය සැමරැවෙමු.එකි නෙකාට කවා පොවා ගත්තෙමු.නැකතට දරැ මුනුබුරන්ට කිරිබත් කවිවෙමු.  ආශීර්වාද කලෙමු. අප දෙදෙනා ආදරයෙන් වැලද ගත්තෙමු. ලබන සෑම අවුරැද්දක්ම නිමාවූයේ මෙි අයුරිනි. දෙදහස් දහසයේ (2016)  අවුරැද්ද සමරා හරියටම ගතවූයේ හරියටම මාස හතරක කාලයක් පමණි. එතැන් සිය දින සති මාස වලට පරිවර්තනය වෙමින් අගෝස්තු මස විසි අටවන දිනට උදාවූයේද වෙනදා මෙනි. එහෙත් එම දිනය මා ජිවිතයේ ශෝකාත්මක දිනය වනු ඇතැයි මා කිසිවිටෙකත් නොසිතු වෙමි. හදිසියේම මගේ ආදර බිරිද චන්දුා අප අතරින් වියෝ වූවාය.ඒ ඇදහිය නොහැකි පුවතින් කමිපනයට පත් මට දැනුනේ මගේ ජීවිතය පමණක් නොව අපේ ලෝකයම කඩා වැටුනාක් මෙනි. සැබැවින්ම ඇය උත්තම කාන්තාවකි.  ඇය සිය ආදරය කරැණාවසෙනෙහස සහ ලෙන්ගතුකම ගැන කවරදාකවත් මට වාචිකව පවසා නැත.

එහෙත් ඒ සියල්ල මා ඇසුවෙි දුටුවෙි කැඩපතක් බදු වූ ඇගේ පුංචි මුහුණේ පුංචි ඇස් දෙක යාන්තමට පියවා මා දෙස බලා සිනහසුන අව්‍යාජ අහිංසක සිනහව තුලිනි. වචන දහසකින් කිව නොහැකි එවන් අපූර්වතම සංනිවෙිදනය  මොන තරමි පුබල දැයි මට සිතින. එය කොතෙක්ද යත් හතලිස් නව වසරක් පුරාවට අප දෙදෙනා පිය පියැවිලි කල ජීවන මාවතේ සාර්ථකත්වය ඒ සොදුරැ සිනහව තුල සැගව තිබුනි.

රතිඤඥා හඩ කෙමෙන් කෙමෙන් අඩු වෙමින් යයි. එහෙත් මට ඒ ගැන එ හැගීමක් නැත. මා තවමත් පාලු මුලුතැන් ගේ දෙස බලා ගත් වනමය. මට වෙනසක් දැනෙන්නාක් මෙනි. දර නැති ලිප නොදැල් වෙි. නොදැල්වෙන ලිපෙන් ගිනි දැල් හෝ දුමි  නොනගී. නොදැල්වෙන ලිපෙන් දුමි රොටු අහස් කුසට එක් නොවනු ඇත. එහෙත් එදා ඇගේ චිතකයෙන් නික්මුණ දුමි රොටු සුළගට මුසුව නුබ ගැබෙහි බොද වී නොපෙනි ගිය අන්දම සිත්තමක් සේ මැවී නොපෙනී ගියේය.

ලිප තවමත් හඩා වැටෙි.....  
   















































1 comment: