Friday, November 15, 2019

Radio Mathaka

 Radio මතක
                                                                       
මගේ ගුවන් විදුලි ජිවිතයේ විසිපස් වසරක මා ලැබූ අත්දැකීමි මෙතරමි යැයි මට සංඛ්‍යා
ගත කල නොහැක. මාධ්‍ය වෙිදියෙකු වශයෙන් මා සෑම දවසකම ලැබුවේ අලුත් අත් දැකීමකි.
එය එකකට එකක් දෙවැනි නොවෙි යන්න මගේ අදහස.

මාධ්‍ය වෙිදියා යනු හැමදාම අලුත් අත් දැකීමි ලබන්නෙකි. ඊයේ නින්දට ගිය මාධ්‍ය වේදියා නොව
පසුදා අවධි වන්නේ. මාධ්‍යෙවිදීන් වයසට නොයන කථාවක්ද මා අසා තිබෙි. කෙසේ වෙතත් ඔහු හැමදාම
අලුත් මිනිසෙකි. ඔහුට රැයක් දවාලක් නැත. හැම දවසක්ම නැවුමි දවසකි. පිළුනු නොවන දවසකි. ඒකාකාර නැති දවසකි. ඊයේ දුටු ලෝකය නොව ඔහු අද දකින්නේ. ඊයේ හමුවුන මිනිසා නොව අද හමුවන්නේ.  එහෙම නමි මාධ්‍ය වෙිදියා නිරතුරැ තොරතුරැ සොයන්නෙකි.

මගේ මාධ්‍ය ජීවිතයේ විසිපස් වසරක අත්දැකීමි ඇසුරෙන් ලියන ලද්දකි Radio මතක. එය ජනගත
කෙරැනේ ශීූ ලංකා ගුවන්විදුලි සංස්ථාවෙි කුමාරතුංග වදිරියේදී ජනමාධ්‍ය ඇමති ගායන්ත කරැැණාතිලක
මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙි අවස්ථාවට මහාචාර්ය සරත් කොටගම ප්‍රවීන මාධ්‍යෙවිදී ආචාර්ය එඩිවින් ආරියදාස  සමන් ආතාවුදහෙටිටි
යන අයද සහභාගී වුහ.

''මෙි නිබන්ධය ඉතා පහසුයෙන් එක හුස්මට කියවා ගත් මට මෙි පොත පාඨකයන්ට අතිශය නිරීමානයක්
වීමෙි රහස ඉතා පැහැදිලි ලෙස අවබෝධ කොට ගතහහැකි වූයේය.හේමසිරි සිය ඇසට ගතට ගෝචර වූ හැමෙකක්ම ඉතා තහවුරැව ස්ව ආත්ම ගතකොට ගත්බව මෙහි මුල්පිටු කිහිපය මගින් හේමසිරිගේ ලෝකයට ඇතුලුවන කවර පාඨකයෙකුට වුව ලෙන් ගතුව දැනෙන්නේය.''
කලාසූරී ආචාර්ය එඩිවින් ආරියදාස
*******************************

''හේමසිරි කුලරත්නයන් මා හදුනා ගත්තේ ගුවන්විදුලි ආයතනය සමග පරිසර වැඩසටහන් ඔස්සේය.
ඔහු දශක තුනක පමණ කාලයක් ගුවන්විදුලියේ ලත් අත් දැකීමි සමිජයට ඉදිරිපත් කිරීම සදහා දරන ලද
මෙම ප්‍රයත්නය අගයමි.''
මහාචාර්ය සරත් කොටගම
***********************
මගේ Radio මතක ග්‍රන්ථයට මගේ ගුවන්විදුලි ජීවිතයේ රසවත් අත්දැකීමි අන්තරී ගත කිරීමට මා විශේෂ
උනන්දුවක්  ගත්ත. මෙි අතර ගුවන්විදුලිය විද්යුද් මාධ්‍යයක්  වශයෙන්දැන සිටියත්  එදා අවට පරිසරය
මම හිතන්නෙ වැඩි දෙනෙක් නොදන්වා වෙන්න පුලුවන‍්. කෙසේ වෙතත් හැටේ දශකයේ ගුවන්විදුලි
අවට පරිසරය  මම දුටුවෙ මෙන්න මේ විදියට. එය අංග සමිපූර්ණ නොවෙන් පුලුවන්. කෙසේ වෙතත් මෙි එම පොතෙන් උපුටා ගත් කොටසකි.

එදා ගුවන් විදුලි පරිසරය

එදා ගුවන්විදුලි පරිසරය අද මෙන් ඝෝෂාකාරි නොවිය. කලබල නැති නිසල සොදුරැ පෙදෙසෙකි. එය ටොරින්ටන්  චතුරස්ශ්‍රය නමි විය. අද නිදහස් චතුරශ්‍රය වෙි.එදා ගුවනවිදුලියට මුහුණ ලා හොකී කීිුඩංගණය
පිහිටියේය. එහි උදය සවස තරැණියෝ හොකී කිුඩා කලහ. මා හොකී කීුඩාව ගැන අසා ඇතත් හොකී කීූඩා කරනු දැක නැත.
පලමු වරට හොකී කීුඩා කරනු දකිනට ලැබීමද අලුත් අත්දැකීමක් විය.ඊටඅමතරව නිවාඩු දිනවල කොළඹ හතේ නෝනා මහත්වනරැ මෙහි ව්‍යායාමි කලහ. ඔවුන් දුවන විට පිමිබුන කළ වැනි බඩ සෙලවෙන දුටු මට ඉබෙිම සිනහ පහල විය. අද ජාතික රෑපවාහනි සේවය පිහිටා ඇත්තේ මෙම හොකී ක්‍රිඩාංගණ පිහිටි භූමි භාගයේය.
එදා කොටුව - කොහුවල මාර්ග අංක 116 සහ නාරාහේන්පිට 173 මාරෟග අංක 195 සහ මාර්ග අංක 107 කොහුවල ඇලකන්ද යන බස් සේවා ධාවනය වූයේ ගුවන්ව්දුලිය ඉදිරි පසිනි. එදා එය ටොරින්ටන් මාවත විය. අද එය ප්‍රේමකීර්ති ද අල්විස් මාවත නමින් හැදින්වෙි.
එවකට කොළඹ නගරයේ වැඩියෙන්ම ධාවනය වූයේ තටිටු දෙකේ බස්ය. මා ගුවනවිදුලියට පැමිණියේ ඉංගිරිය - කොළඹ බසයෙනි. කොළඹ නගර ශාලාවෙන් බැස ගන්නා මා ගුවන්විදුලියට යාමට තෝරා ගත්තේ  තට්ටු දෙකේ බස් රථයකි. ඉනුත් උඩ තටිටුවෙි යාමට වඩාත් ප්‍රිය කලෙමි. එහි සිට වටපිට බලමින් යාම මටඑක්තරා  විනෝදයක් විය. ගමෙි සිට කොළඹ පැමිණෙන මට ටික දින කීපයක් යනතුරැ මෙය අලුත් අත් දැකීමක් විය.
එදා ගුවන්විදුලිය ඉදිරිපිට අහස උසට අතු පතර විහිදී ගිය මාර ගස් කිහපයකි. අදටත් ඉන් කිහපයක් දැකිය හැක. මේ අතර මැයි ගස් නමින් හදුන්වන තවත් ගස් වර්ගයක් විය. මෙි ගස්වල මල් සකුරාමල් වලට සමාන කමක් ගනී.මෙිවා බ්‍රිතාන්‍ය සමයේ ශ්‍රී ලංකාවට හදුන්වා දුන් ගස් වර්ගයක් ලෙස සැලකේ.
අප්‍රිෙයල් මැයි  මාසවල මලින් බරවෙන මෙි ගස්  අමුතුම සුන්දරත්වයක් ගෙන දුනි. ගස් පා මුල පතිත වු මල් පලසක් මෙනි. එපමණක් නොව. මෙම මැයි ගස් සෙවන යට කලාකරැවන් හමුවන සොදුරැ ස්ථානයකි.

මෙම යෝධ වෘක්ෂයන් ගැන කථා කරන විට අමතක නොවන චරිත දෙකක් විය.එක් චරිතයක් බුලත් අමිමාය. ඇය වයසින් අවුරැදු පනහක් හැටක් පමණ වුවත් නඩවසමි කාන්තාවකි. චීතත රෙද්ද සහ ඊටම සරිලන හැටිටයකින් සැරසී ඇ නිතර සිනම මුසු මුහුණින් යුක්ත වූවාය.ඇය සිනහසෙන විට කමිමුල දෙපස වල ගැසේ. එය ඇගේ මුහුණට අමුතු සුන්දරත්වයක් ගෙන දුනි.

 ඇය හිසමත තබා ගෙන බුලත් තට්ටුව පසෙක තබා පා දෙපසට වන සේ සුපුරැදු මාරගස මුල වාඩිලා ගන්නීය.රැගෙන ආ බුලත්විට පිළිවෙලකට තබන්නීය.බුලත් විට විකා කෑමට අපහසු අයට සිය කැමැත්තෙන්ම විට කොටා දුන්නාය. ඊට අවශ්‍ය අඩුවැඩිය රැගෙන ඒම ඇගේ පුරද්දකි. බුලත් අමිමාගේ වෙළදාම බොහෝ විට හිරැ අවරට යාමත් සමග අවසන් වන්නේය.

මේ අතර දිනපතා ගුවන්විදුලිය ඉදිරිපිට දක්නට ලඅබුන අනෙක් චරිතය ජෝන් මුදලාලි විය.සමහර අය ජෝන් අය්යා නමින්ද හැදිනුවූහ. කලු කෝටි එකක් හැද දින පොතක්ද අතැතිව සිටින ඔහු තරමක් මිටි පුද්ගලයෙකි. ආවෙි ගියේ ඔස්ටින් කාරයකිනි. ගුවන්විදුලියේ ඔහු නොහදුනා කෙනෙකු නොමැති තරමි. කවුරැන් හෝ මුන ගැසුනු විට හිස ඇලකර සිනහසීම ඔහුගේ ලක්ෂණයකි. එවකට නිල අවසර පතක් නොමැතිව ගුවන්විදුලියේ සැරිසැරෑ එකම පුද්ගලයා  ජෝන් අය්යා යැයි කීවොත් පුදුම විය යුතු නැත. ඒ තරමටම ගුවන්විදුලියේ ලොකු පොඩි සැවොම දැන සිටියෙකි ජෝන් අය්යා.

ඔහුගේ රාජකාරිය  සල්ලි පොලියට දීමය. ඔහුගෙන් මුදලක් නොගත් කෙනෙක් ඒ අවට කාර්යාල සිටියේ නමි ඒ කීප දෙනෙකු පමණි. පොලී වශයෙන් අය කරනු ලැබුවෙි ඉතා සුලු මුදලකි. මාසික වැටුප ලැබෙන තුරැ හදිසි පිරිමසා ගත්තේ ජෝන් අය්යාගෙන් ලබා ගන්නා පොලි මුදලෙනි.
එදා  ගුවන්විදුලිය කේන්ද්‍ර කර ගනිමින් රජයේ ප්‍රධාන දෙපාර්තමේන්තු කිහිපයක්ම ඒ අවට විය. ඒ අතර රජයේ ගොඩනාගිලි දෙපාර්තමේන්තුවෙි ශාඛාවක්ද විය. එදා  රජයේ දෙපාර්තමේන්තු නිලධාරින්ගේ ක්‍රීඩා සමාජ සදහා සුරාබදු අවසර පත්‍රයක් ලබා ගැනීමෙි වරප්‍රසාදයද එදා හිමිව තිබින. එය සාජිකයින්ට පමණක් සීමා විය. එහෙත් ඔවුන්ගේ අනුදැනුම පිට ගුවන්විදුලියට සමිබන්ධ අයට එහි යාමට තහනමක් නොවිය.
තම සේවා කාලය අවසන් කල අප කලාකරැවෝ මෙතැනට රැස් වෙති. මධුවිත තොල ගාමින් විවිධ මාතෘකා ඔස්සේ කරන සංවාද ඉතා රසවත්ය. මේ අතර ආචාර්යවරැ නිවෙිදකයෝ නිෂ්පාදකවරැ සහ සංගීත ශිල්පිහුද වූහ. මෙහිද් මොන තරමි ගී ලියැවෙන්නට ඇද්ද මොන තරමි අර්ථවත් දෑ සාකචිචාවට බදුන් වන්නට ඇත්දැයි දැන් මට සිතේ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මෙම භුමිබාගය ගුවන්විදුලියට පවරා ගැනීමත් සමග රසිකයිනට තෝතැන්නක් වූ එම ක්‍රීඩා සමාජයද අහෝසි විය.

1 comment:

  1. මම ආසාවෙන් කියැවූ පොතක්. ලස්සන ගලායාමක්. නොදන්නා තොරතුරු ගොඩක්.

    ReplyDelete