Thursday, November 28, 2019

මිනිසා සහ ගොනා.....

මිනිසුන්ගෙන් සමන්වි. වූ පරිසරයකට සරළ වශයෙන් අපි  සමාජය යැයි කියමු.  මේ සමාජය විෂමයි විවිධයි කථාවක්යද ඇත.  ඒ කථාවෙි ඇත්තක් නැත්තේද නොවෙි. එමෙන්ම සමාජය හොද හා නරක යැයි ද වර්ග කෙරේ. කෙනෙකුට හොද සමාජය තවත් කොනකුට නරක් විය හැක. එහෙත් සමස්තයක් වැඩි දෙනා හොද යැ
යැයි සලකන සමාජය අපිද සමිමතයක් වශයෙන් හොද සමාජයක් වශයෙන් සලකමු.
මගේ මේ උත්සාහය සමාජය ගැන විග්‍රයක යෙදීමක් නොව.  එය මහ පුලුල් මාතෘකාවකි. එයට මා තරමි නොවෙියැයි මට සිතේ.

ඒ කෙසේ වෙතත් සමාජය නමි වූ සංස්ථාවේ කොටස් කරැවන් වූ අප අන්‍යයන් වුදෙසා කරන කියන කටයුතු වලට බොහෝවිට හරි ඇගැයීමට ලක් නොවන බව මගේ විශ්වාසයයි. විශේසයෙන්ම හිත හොද කමට තම හිත මිතුරන්ට දුකේදි තමාට සිදුවූ විපතකන් සේ සලකා උපකාර කරන අවස්ථා මා දැක ඇත. එහෙත් එය ඔවුන් දකින්නේ මෝඩ කමට නැත්නමි ඔවුන්ගේ ලොකු කම නිසා කරන ක්‍රියාවක් වශයෙනි. මනුෂ්‍යත්වය මිත්‍රත්වය හා හිතහොදකම පිහිට වූ ඔවුන්ට සමජයෙන් හෝ සමාජයේ අංකුරයකින් ලැබෙන සහතිකය එය නමි එය සමාජයේ  විෂමතාවක් නොවන්නේද? මිනිස්කම නොසලතකා හැරීමක් නොවන්නේද? මනුෂ්සත්වයට තරමි වෙිද යන්න දෙවරක් සිතා බැලිය යුතු නොවන්නේද?
මට අසන්නට ලැබුනු සත්‍ය පුවතක් ඇසුරෙන්  එවන් අවස්ථාවක් ගැන ලියැවුන කවි කිහිපයකි මෙි..........


හිටියා හොද ගොනෙක් මට ඌ වික්කේ                 ය
ඇත්තට ඌට තිබුනේ හොද පපුවක්                       ය
පරබර අදින්නට ඌ හරි හපනෙන්                         ය
ඒ බව නොදැන අන් අය වැඩ ගත්තේ                    ය

ගොනා උනත් ඌ නමි හරි අහිංසක                       යි
කරනා කියන වැඩ බැලුවම පුදුම හිතෙ                  යි
උමිබෑ කිය කියා ඌ හැමදේම කර                        යි
මේ ලෙස ගොනුන් හැමදාමත් ඉදිනු සැක              යි

මිනිසා ගොනා දෙදෙනෙකි නැත සම වන්           නේ
මිනිස්කම නිසයි ගොන් කම යට යන්                  නේ
එනමුත් ගොනා හැමදා නැත පර දින්                   නේ
ඌටත් යමක් යමි දවසක වැට හෙන්                    නේ

                                                      සමහර වෙලාවට ගැල්කරැ ගොන් කරැ                    ය
ගැල පදවන්න ගැල්කරැැ හරි අසමත්                       ය
ඒ බව නොදැන යන ගමනත් හරි සැක                    ය
ගොනා උනත් දැන් යන්නේ හරි මග                        ය

ගොනා සිතනවා දවසක් මෙි ලෙසි                         නේ
මම බර අදිනවා කාගෙත් සිතු ලෙසි                       නේ
ඒ බර සැහැල්ලුයි නැත මගේ කර රිදු                    නේ
ඒ බව නොසිතනා මිනිසා ගැන රිදු                        නේ   

   

No comments:

Post a Comment